ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබද උපලේකම් වික්ටෝරියා නියුලන්ඩ් ඉදිරි සතියේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතයි.

එහිදී ඇය, මෙරට ආර්ථික ස්ථාවරත්වය, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීමට දරණ ප්‍රයත්නයන් සඳහා ඇමරිකානු සහය ලබාදීම පිළිබඳව අවධානය යොමුකරනු ඇති.

ඇය, ශ්‍රී ලංකාවට අමතරව නේපාලය, ඉන්දියාව, කටාර් රාජ්‍යයේ ද සංචාරය කිරීමට නියමිත බවයි ඇමරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා පෙබරවාරි මස 06 දා මෙරටට පැමිණීමට නියමිත යි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන බෑන් කී මූන් මහතා මෙරට තිරසර සංවර්ධනයට අදාලව මෙන්ම දේශගුණික විපර්යාසවලට අදාලව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content