වැල්ලවාය – කොස්ලන්ද ප්‍රධාන මාර්ගයේ කොස්ලන්ද පොලිස් බලප්‍රදේශයට අයත් හීවල්කදුර ප්‍රදේශයේ දී අද  උදෑසන සංචාරකයන් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රථයේ රියදුරු සහ සංචාරකයන් සිව්දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් කිසිවෙකුටත් බරපතළ තුවාල සිදුව නොමැති බවයි වාර්තාවන්නේ.

වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනවා.

WhatsApp Group

Skip to content