වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ප්‍රදේශ කිහිපයකට සීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මේ අතර මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගනු ඇති බව ද කාලගුණ නිවේදනයේ සඳහන්.

WhatsApp Group

Skip to content