ශ්‍රී ලංකාවේ වැවිලි සමාගම් විශ්‍රාමික ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් සහ ප්‍රාදේශීය මැර කණ්ඩායම් යොදා ගනිමින් වතුකරයේ ජනතාවට හිංසා සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සදහන් කරනවා.

ඔහු පැවසුවේ රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වතුකරයේ මෙවැනි ක්‍රියා නිරන්තරයෙන් සිදු වන බවයි.

මෙම මැර කණ්ඩයම් වතුකරයේ ජනතාවගේ ගෙවල් විනාශ කරන බවත්, රැකියාවට නොපැමිණීම හේතුවෙන් සේවක කාන්තාවන්ට පහර දීම් සිදු කරන බවත් මේ හේතුවෙන් සේවක සේවිකාවන් රෝහල්ගත කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content