තේ, රබර්, පොල්, කුරුඳු හා ගම්මිරිස් යන වැවිලි බෝග අපනයනයෙන් මෙම වසරේ මුල් මාස 4 තුළ ඉපයූ ආදායම ඩොලර් මිලියන එක්දහස් එකසිය දහ අටක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එය පෙර වසරේ එම කාලය හා සැසඳීමේදී ඩොලර් මිලියන 234 ක ඉහළ යාමක් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ.