වැල්ලවාය – මොනරාගල ප්රධාන මාර්ගයේ වැල්ලවාය ප්රදේශයේ දී සිදුවූ අනතුරකින් කුඩා දරුවකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ත්රීරෝද රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු දෙකයි මාස අටක දරුවෙකුයි.
එම අනතුරින් ත්රීරෝද රථයේ ගමන් ගත් දරුවාගේ මව සහ පියා ද තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.