වැල්ලම්පිටිය, අයි.ඩී.එච් පාර, කොලොන්නාව ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම පුද්ගලයාට වෙඩි තබා පළාගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.

තුවාල ලැබූ පුද්ගලයන් 41 හැවිරිදිවියේ පසුවන කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය සදහන් කළා.

වෙඩිතැබීම සිදු කළ පුද්ගලයන් සොයා වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content