මඩකලපුව දිස්ත්රික්කයේ නිවාස අහිමි ජනතාව වෙනුවෙන් නව නිවාස ව්යාපෘති ආරම්භ කිරීම ඇතුළු ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ඉදිරි වසර කිහිපයේ දී ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
මේ අතර පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 2500 කින් වැඩි කිරීමට රජය පියවර ගෙන තිබෙන බවත්, එම වැඩිකළ දීමනාව මේ සතියේ සිට ක්රියාත්මක වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පාසල් හැරගිය සහ රැකියා විරහිත තරුණ තරුණියන් සමඟ ඊයේ (23) මඩකලපුව චෙන්කලඩි ප්රදේශයේ පැවති හමුවකදීය.
ප්රදේශයේ තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටි අතර ඔවුන් නැඟු ප්රශ්නවලට ජනාධිපතිවරයා විසින් සාධනීය පිළිතුරු ලබා දෙනු ලැබීය.

WhatsApp Group

Skip to content