ප්‍රජාව තුල වැඩිහිටි හා වියපත් වූවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කිරිම හා ආදර්ශයන් ලබාදීම  පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය, මෙරට JICA කාර්යාලය මගින් මෙහෙයවන ව්‍යාපෘතිය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සමාජ සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව නියමු ව්‍යාපෘතියක් පසුගිය කාලය තුල දියත් කර ඇත.

එම නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ පසුවිපරම් කටයුතු  පිළිබදව අද (20) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා දැනුවත් කිරිමට JICA ව්‍යාපෘති කණ්ඩායම කටයුතු කරනු ලැබීය.

මෙම අවස්ථාවට එම ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශක (Chief Adviser) මිචිකෝ ෆුජිමොතෝ (Ms. Michiko Fujimoto), ව්‍යාපෘති සම්බන්ධීකාරක (Projet Coordinater) කොතා ඉවාකි (Mr. Kota Iwaki) යන මහත්ම මහත්මින් එක්ව සිටියහ.

WhatsApp Group

Skip to content