වැඩිහිටි පුරවැසියන්, ආබාධිතයින් සහ වකුගඩු රෝගයෙන් පෙළෙන්නන් සදහා නව නිර්නායකයක් හඳුන්වා දෙන තෙක් දැනට පවතින දීමනා ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ.

කෙසේ වෙතත් අවදානමට ලක් වූ, දිළිදු හා අන්ත දිළිදු යන සමාජ කාණ්ඩ 4 යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදුකිරීමේ කිසිදු වෙනසක් නොමැති බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා .

මේ වන විට අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ අභියාචනා හත්ලක්ෂ හැට දහසක් පමණ ලැබී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම විරෝධතා 10,000 ක් ලැබී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා .

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සඳහා ලියාපදිංචි වීමට නොහැකි වූවන්ට මෙන්ම අලුතින් සම්බන්ධ වීමට අදහස් කරන අයට වාර්ෂිකව අවස්ථාවක් සැලසීමට ද රජය තීරණය කර තිබෙන බවත්, ඒ අනුව අගෝස්තු මාසයේ දී මේ සඳහා යළිත් අවස්ථාව ලබාදෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

රජයේ උත්සහය වඩාත්ම අවශ්‍යතා සහිත පුද්ගලයන් ඉලක්ක කර සම්පත් සාධාරණ ලෙස බෙදාහැරීම සහ තිරසාර බව සහතික කිරීම බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පවසනවා.

 

WhatsApp Group

Skip to content