ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබද සොයා බැලීමේ කමිටු වාර්තාව ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයාට භාර දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අදාළ කමිටුව මුදල් අමාත්‍යංශයේදී රැස් වු අවස්ථාවේදී මෙම තීරණය ගත් බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින්ට හිමි ගිණුම් ලක්ෂ 11ක් පමණ පවතින බවට අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව එම ගිණුම් විධිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබදව ද රජයේ අවධානය යොමුව ඇති බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content