දිස්ත්‍රික් කිහිපයක් සදහා නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

පවතින අධික වර්ෂාපතනය හමුවේ ගාල්ල කළුතර මහනුවර මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා දෙවන මට්ටමේ නායාමේ අනතුරු ඇගවීම් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධිර මහතා මේ සමබන්ධයෙන් අදහස් පල කළා .

https://www.vnews.lk/storage/2023/09/SENADHIRA-EDIT-.mp3?_=1

මෙි අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පවුල් 164ක පුද්ගලයින් 644 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ මේ දක්වා අර්ධ නිවාස හානි 36ක් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කුකුලේගග ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

එම ප්‍රදේශයට මිලිමීටර 120ක පමණ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයිනේ නිරත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි කාර්්‍යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කලේ.

https://www.vnews.lk/storage/2023/09/MALITH-FANANDO-EDIT-1-1.mp3?_=2

එමෙන්ම ඊයේ ඇද හැළුනු අධික වර්ෂාපතනය හමුවේ ප්‍රධාන ගංගා කිහිපයක ම ජල මට්ටම් ඉහළගොස් තිබෙනවා.

ගංගා පහත්බිම් අවට ප්‍රදේශ කිහිපය සුළු ගංවතුර තත්ත්වයක් ද හටගෙන තිබුණා.

මේ අතර කළු ගඟේ කුඩා ගඟ උපද්‍රෝණිය, ගිං ගඟ, නිල්වලා ගඟ, ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඉදිරි පැය 24 මෙම ප්‍රදේශ ආශ්‍රිතව වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස එම නිවේදනයේ සඳහන්.

එසේම, එම ප්‍රදේශ හරහා වාහනවලින් ගමන් කිරීමේදී සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා .

මේ ඒ පිළිබද අදහස් දක්වු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා

https://www.vnews.lk/storage/2023/09/SUGEESHWARA-EDIT-2.mp3?_=3

WhatsApp Group

Skip to content