වැඩිම අපනයන වර්ධන වේගයක් අත්කර ගැනීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සමත්වී තිබෙන බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා මැණික් හා ස්වර්ණාභාරණ ක්ෂේත්‍රයේ අපනයනවලින් ඇමරිකානු ඩොලර් මිලියන 315ක ආදායමක් උපයාගෙන තිබෙන බවයි ඔහු සදහන්.

එමෙන්ම මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සියයට 34ක අපනයන වර්ධන වේගයක් ලබා ඇති බවත් එය මහ බැංකු වාර්තා මගින් ද තහවුරු කර තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මෙම අදහස් පළ කර සිටියේ ස්ථාවර රටකට සැවොම එක මඟකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් .

https://www.vnews.lk/storage/2023/08/CHAMARA-SAMPATH-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content