දුම්රිය රියදුරු වෘත්තිය සමිතියක් විසින් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අද පෙරවරු කාලයේදී ද දුම්රිය ගමන්වර කිහිපයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරනු ලැබුවා.

නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ කිරීම හේතුවෙනුයි දුම්රිය පාලනාධිකාරියට එරෙහිව විදුලි බලවේග ධාවනාගාරයේ රියදුරන් පිරිසක් ඊයේ දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේ.

මේ හේතුවෙන් ඊයේ දිනයේදී ද දුම්රිය ගමන්වාර 21 ක් පමණ අවලංගු වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/07/IDIPOLAGE-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content