ජනතාවගේ දැඩි කැපවීමෙන් ගොඩ නැගෙමින් පවතින රට වැඩපිළිවෙළක් නොමැති කණ්ඩායමකට බලය හිමිවීමෙන් සති දෙක තුනක් තුළ යළි කඩා වැටිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයක් තුළ රට වසර එක හමාරකට පෙර පැවැති තත්ත්වයටත් වඩා බරපතල මට්ටමක් දක්වා ගමන් කළ හැකි බවයි.
එබැවින් ඉදිරියේ පැවැත්වෙන කුමන හෝ මැතිවරණයක දී වඩාත් වැදගත් වන්නේ දැනට ක්‍රියාක්මක වන වැඩපිළිවෙළ ඉදිරියට රැගෙන යන කණ්ඩායමක් බලයට පත් වීම බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයීය විදුහලේ පිහිනුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා වටය මගහැරීමෙන් ම විපක්ෂයේ බංකොලොත්භාවය ඔප්පු වන බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

WhatsApp Group

Skip to content