මෝටර් රථ කොටස් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දුනහොත් රටට විශාල බදු මුදලක් අහිමි වන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ඉන්දික සම්පත් මහතා පැවසුවේ ආයෝජනය මණ්ඩලයේ ලියාපදිංචිය ලබාගෙන ඇති එක් සමාගමකට පමණක් බදු රහිතව මෝටර් රථ කොටස් ආනයනය කිරීම සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.