ආනයන සීමා පැනවූ සමය තුළ රථ වාහන 44,430ක් වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්යවරයා පෙන්වා දෙන්නේ ඒ අතර යතුරු පැදි 38,144ක් සහ කාර් රථ 6,286ක් වන බවයි.
දේශීය රථවාහන නිෂ්පාදකයන් පිරිසක් සමඟ මුදල් අමාත්යාංශයේ පැවැති සාකච්ඡාවක් දී මෙම තොරතුරු අනාවරණ විය.
රථ වාහන ආනයන සඳහා සීමා පනවා තිබුණ ද කොටස් එකලස් කර අලෙවි කිරීම මේ වන විටත් සිදු වෙමින් පවතී.
මෙම සාකච්ඡාව සඳහා දේශීය වශයෙන් රථ වාහන නිෂ්පාදනය කරන සමාගම් රැසක නියෝජිතයන් එක්ව සිටි අතර රථ වාහන ආනයන සඳහා අවසර ලබා දීම පිළිබඳ එහි දී ගැඹුරින් සාකච්ඡා කර තිබේ.
රථ වාහන නිෂ්පාදනය කරන සමාගම්වල නියෝජිතයන් සඳහන් කර ඇත්තේ ආනයන සීමා ඉවත් කිරීමේ දී සිය දේශීය එකලස් කිරීමේ ව්යාපාර පිළිබඳව ද අවධානය යොමු කරන ලෙසයි.
ශ්රී ලංකාව තුළ රථ වාහන නිෂ්පාදනය සඳහා මෙම ආනයන සීමා පැනවීම යම් උත්තේජනයක් වී ඇතැයි පැවසූ ඔවුන් කියා සිටියේ රටක් වාහන නිෂ්පාදනය ආරම්භ කිරීම යනු දිගු කාලීන ක්රියාවලියක් බවයි.
එහි දී රාජය අමාත්යවරයා සඳහන් කර ඇත්තේ දේශීය ව්යාපාර ශක්තිමත් කිරීමට රජය නිරන්තරයෙන් සහය දක්වන බවයි.

WhatsApp Group

Skip to content