වාහන ආනයනය නැවත ආරම්භ වීමත් සමග දේශීය වෙළදපොලේ මිලගණන් ඉහළ යා හැකි බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා.

ලබන වසරේ සිට පෞද්ගලික වාහන ආනයනය ක්‍රමානුකූලව ආරම්භ කළ හැකි බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එම සංගමය පෙන්වා දෙන්නේ එය ගැණුම්කරුවන්ට ධනාත්මක පණිවුඩයක් නොවන බවයි.

මෙම ලිහිල් කිරීම මගින් ආනයනික වාහන සදහා තීරුබදු ව්‍යූහයන් සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවට ද ආනයනකරුවන් පෙන්වා දෙනවා.

පසුගිය ජනවාරි මාසයේදී රජය විසින් තීරු බදු ව්‍යූහය සංශෝධනය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වාහන ආනයන වියදම් සැලකිය යුතු මට්ටමින් ඉහළ ගියා.

WhatsApp Group

Skip to content