වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් මහා මාර්ග , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමග සම්බන්ධ කරන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

විෂයභාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබෙනවා.

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී පළාත් අතර අන්තර් සබඳතාවක් නොමැතිවීම ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් බවට පත්ව තිබුණා.

ඒ අනුව ජනතාවට පහසුවන පරිදි වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමග සම්බන්ධ කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content