පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට ලබාදුන් මරණ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද තහවුරු කර තිබෙනවා.

2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් ඝාතණය කිරීමේ චෝදනාවටයි ඔවුන්ට මෙම මරණ දඩුවම හිමිව ඇත්තේ.

මෙම මරණ දඬුවමට එරෙහිව වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නා.

WhatsApp Group

Skip to content