මන්නාරම, ශාන්තිපුරම් ප්‍රදේශයේ විකිණීම සඳහා ළඟ තබාගෙන සිටි වාලම්පුරි 04ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 60 හැවිරිදි වියේ පසුවන මන්නාරම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content