මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික අවසන් මංගල්‍ය සදහා මෙවර බැතිමතුන් ලක්ෂ 3 ක් පමණ සහභාගි වනු ඇති බවට අපේක්ෂා කරන බව මන්නාරම රදගුරු නිවසේ පැවති විශේෂ සාකච්ඡාවකදී අනාවරණය වී තිබෙනවා.

මේ හේතුවෙන් බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම මූලික කරගනිමින් විශේෂ දුම්රියක් මෙම දිනවල කොළඹ කොටුවෙන් පෙරවරු 6.15 ට දිනපතාම මඩු හන්දිය දක්වා ධාවනය වනු ඇති.

එමෙන්ම මඩු මංගල්‍යයට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පානිය ජල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් මෙන්ම ආරක්ෂාව සදහා පොලිස් නිලධාරින් 1000 කට වැඩි ප්‍රමාණයක් ද යොදවා ඇති බව සදහන්.

එළඹෙන 14 සහ 15 වන දා උදෑසන පැවැත්වෙන දේව මෙහෙයෙන් පසුව වාර්ෂික මඩු මංගල්‍යය අවසන් වනු ඇති.

WhatsApp Group

Skip to content