ව්‍යාපර සඳහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ , වෙළද සංගම් නියෝජිතයින් සමග පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ව්‍යාපාරිකයින්ගේ කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් නව ආයතන පද්ධතියක් ඇති කිරීමට සැලසුම් කර ඇති බව ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම මහනුවර නගර සංවර්ධන සැලැස්ම ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content