රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු මුද්‍රණයකර බෙදාහැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු බියගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා අන්තර්ජාල ව්‍යාපාරික කටයුතුවල නිරත වන මෙරට විශ්වවිද්‍යාලයක බාහිර උපාධි අපේක්ෂකයකු බවයි පොලිසිය පවසන්නේ.

පොල්පිතිගම හත්පොකුණ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි වියේ පසුවන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බියගම වඩුවේගම ප්‍රදේශයේදීය.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මුද්‍රණය කර ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 63ක් සොයා ගත් බවද පොලිසිය වැඩිදුරටත් පවසනවා.

මෙම පුද්ගලයා ව්‍යාජ නෝට්ටු බියගම පිහිටි වෙළඳ සැල් දෙකකටද ලබාදී භාණ්ඩ මිලදී ගෙන ඇති බවද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇති ඇති අතර එම නෝට්ටු දෙකද සොයාගත් බව පොලීසිය පවසනවා.

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ මෙම නොට්ටු මුද්‍රණය සඳහා සැකකරු යොදාගත් උපකරණ සොයා විමර්ශන පැවැත්වෙන බවයි.

WhatsApp Group

Skip to content