ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් චීන රජයේ ස්ථාවරත්වය සඳහන් කරමින් චීන තානාපති කාර්යාලයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් නිකුත් කළ ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

චීන තානාපතිවරයා තමාට කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශන සිදු කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කියා සිටියේ.

මෙම ව්‍යාජ ලිපිය සකස් කළේ කවුරුන්ද, සහ මෙම ලිපිය සංසරණය කිරීමට මුල් වූ පාර්ශව කවුරුන්ද යන්න සොයා බලන ලෙසයි චීන තානාපතිවරයා ඉල්ලා ඇත්තේ.

මෙරට චීන තානාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවන ලිපියක් මෙන් මෙම ලිපියේ කරුණු අන්තර්ගත වී තිබෙනවා.

ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබා දීමට නොහැකි බවත්, ඇමරිකාව ඇතු`ඵ බටහිර රටවල් ශ්‍රී ලංකාවට සහාය වන ලෙස IMF වෙත දැනුම් දිය යුතු බවත් මෙම ව්‍යාජ ලිපියේ ප්‍රධාන වශයෙන් සඳහන් වුණා.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මෙරටට කඩිනමින් ලබා ගැනීමට හැකියාව පවතින බවයි.

කෙසේ වෙතත් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ බංගලාදේශය වැනි ආර්ථික අර්බුදයේ අන්තයටම ගොස් සිටි රටවල් සඳහා මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා දීමට තීරණය කර ඇත්තේ එරට නායකයින්ගේ නිසි වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම හේතුවෙන් බවයි.

https://www.vnews.lk/storage/2023/02/HARSHA-DE-SILWA-EDIT-01-.mp3?_=1

WhatsApp Group

Skip to content