පූජාපිටිය බටගල්ල ප්‍රදේශයේ වෙළඳසැලකට ව්‍යාජ රුපියල් 5000 ක නෝට්ටුවක් දී භාණ්ඩ මිලට ගැනීමට සැරසුන පුද්ගලයකු එම වෙළඳ සලේ සේවකයන් සහ අවට සිටි ජනතාව එක්ව අල්ලා පූජාපිටිය පොලිසියට බාර දී තිබෙනවා.

සැකකරු ශරීර පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී ඔහු සන්තකයේ ව්‍යාජ 5000 නෝට්ටු දෙකක් තිබී අත්අඩංගුවට ගෙන ඇති අතර කසාවත්ත බටුගොඩ ප්‍රදේශයේ ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී එහි තිබී තවත් ව්‍යාජ 5000 නෝට්ටු 04 ක් සොයාගත්බව පොලිසිය පැවසුවා.

ස්ථිර රැකියාවක් නොකරන 48 හැවිරිදි සැකකරු කලක සිට ව්‍යාජ නෝට්ටු මාරු කර තම ජීවිකාව ගෙන ගොස් ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා .

සෙනග බහුලව ගැවසෙන විශේෂයෙන් කාන්තාවන් මුදල් අයකැමි වරියන් වශයෙන් සිටින වෙළඳසැල් වලට ගොස් මේ ආකාරයට ව්‍යාජ මුදල් නෝට්ටු මාරු කොට ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා .

පූජාපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා .

WhatsApp Group

Skip to content