ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අකුරැස්ස නගරයේදී ව්‍යාජ රුපියල් 5000ක නෝට්ටු ලබා දී භාණ්ඩ මිලදි ගැනිමේදී එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබි ව්‍යාජ රුපියල් 5000ක මුදල් නෝට්ටු 23ක් සොයා ගත් බවයි පොලිසිය සදහන් කළේ.

WhatsApp Group

Skip to content