මාවනැල්ල නගරයේ මත්පැන් අලෙවි සැලකට පැමිණ ව්‍යාජ රුපියල් 1000ක මුදල් නෝට්ටුවක් ලබා දී මත්පැන් මිලදී ගැනීමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අංගුවට ගත් සැකකරු 36 හැවිරිදි වියේ පසුවන මාවනැල්ල රංදිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි පොලීසිය සදහන් කළේ.

සැකකරු අද මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content