කෑගල්ල ප්‍රදේශයේ ව්‍යාජ ලිපි ලේඛන සැකසූ ස්ථානයක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.
එම ස්ථානයේ සිටි එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්නකිරීම් වලදී අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ව්‍යාජ ලෙස සකස් කරන ලද අධිකරණ නියෝග සහිත වාර්තා , ව්‍යාජ ඔප්පු,ව්‍යාජ පත් ඉරු, පොලිස් වාර්තා ,රියදුරු බලපත්‍ර ,හැඳුනුම්පත් , නොයෙකුත් උපාධිපාඨමාලා හැදෑරූ සහතිකපත්, බාහිර උපාධි පාඨමාලා සහතික පත්, ජල බිල්පත් ,විදුලි බිල් පත් ව්‍යාජ නිලමුද්‍රා ඇතුළු ඒවා සකස් කිරීමට යොදාගත් උපකරණද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content