වෙසක් සතිය වෙනුවෙන් කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් ඉලක්ක කර ව්‍යාජ අටපිරිකර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කතරගම පොලිසිය හා මොණරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිළධාරීන් විසින් සිදුකල වටලිමකදියි කතරගම පුදබිමේදී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කතරගම පුදබිමේ බැතිමතෙක් විසින් පැවැත්වීමට නියමිතව තිබූ පූජාවක් සදහා සැකකරුවන් දෙදෙනා විසින් රැගෙන ආ අටපිරිකර 150ක් පරීක්ෂා කිරීමේදී ඒවා ව්‍යාජ බවට හඳුනාගැනීමෙන් පසුව සිදුකල පැමිණිල්ලක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම, අටළුගම, ජයකොඩිකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්.

 

WhatsApp Group

Skip to content