වසර 50ට පසු මිනිසෙකු සද මතට රැගෙන යාමට නාසා ආයතනය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සදහා ගගනගාමීන් සිව්දෙනෙකු නම් කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.

ඒ අනුව සද මත සිදු කරන මෙහෙයුමකට අනුයුක්ත කළ පළමු කාන්තා ගගනගාමියා ලෙස ක්‍රිස්ටිනා කොච් නම් කර තිබෙනවා.

එමෙන්ම සද මත සිදු කරන මෙහෙයුමකට අනුයුක්ත කළ පළමු කළු ජාතික ගගනගාමියා ලෙස වික්ටර් ග්ලෝවර් නම් කර තිබෙනවා.

මීට අමතරව රීඩ් වයිස්මන් සහ ජෙරම් හැන්සන් මෙම මෙහෙයුම සදහා තොරාගත් සෙසු ගගනගාමීන් දෙදෙනා වනවා.

සද මත සිදු කරන මෙම මෙහෙයුම 2024 අගභාගයේදී හෝ 2025 මුලදී සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content