වසර 3 ක් ඇතුලත අස්වැසුම සුභසාධන දීමනාව ලබා දීම නැවැත්වීමට කටයුතු කරන බව වැඩබලන කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා පවසනවා.

එම සහනාධාර හිමිවන පුද්ගලයින් හට වෙනම වැඩපිළිවෙලක් ඇති අතර ඒ අනුව සමෘද්ධි ප්ලස් වැඩසටහන යටතේ එම පුද්ගලයින් විවිධ වෘත්තීන් සදහා යෙදවීමට නියමිතව ඇති බව සදහන්.

මේ සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගෙන් සහ සමෘද්ධි කළමනාකාරවරුන්ගෙන් අදහස් ලබා ගැනීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක බවටයි වැඩබලන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content