ශ්රී ලංකාවේ වාර්ෂික ගම්මිරිස් අස්වැන්න මෙට්රික් ටොන් 23,000ක් පමණ වේ. නමුත් පසුගිය වසරේ දී මෙරට ගම්මිරිස් අස්වැන්න මෙට්රික් ටොන් 30,000 ඉක්මවා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.
2019 න් පසු මෙරට ගම්මිරිස් වගාවේ ඉහළම අස්වැන්න 2023 වර්ෂයේ වාර්තා කිරීමට හැකි වී ඇත්තේ ගම්මිරිස් වගාව සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම, සහනාධාර ලබා දීම මෙන්ම පසුගිය වර්ෂයේ පැවැති වියළි කාලගුණික තත්ත්වයෙන් පසුව ඇති වූ දීර්ඝ වැසි සහිත කාලගුණික තත්ත්වය බව ද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පවසයි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්යාපෘතියේ ආධාර යටතේ වලස්මුල්ල වරාපිටිය කුරුඳු සැකසුම් කර්මාන්ත ශාලාවේ අගය එකතු කළ නිෂ්පාදන ක්රියාවලිය නිරීක්ෂණය සඳහා අමාත්යවරයා පසුගියදා (31) සහාගි වූ අතර එහිදී මෙම අදහස් පළ කළේය.

WhatsApp Group

Skip to content