මෙම වසරේ ජනවාරි 01 වනදා සිට මාර්තු 01 වනදා දක්වා මාරක රිය අනතුරු 324ක් වාර්තාවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම මාරක අනතුරු වලින් 651 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, පුද්ගලයින් 1,355ක් සුළු තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම මෙම මාරක රිය අනතුරු 324න් පුද්ගලයන් 341 දෙනෙකු මුල් මාස 02ක තුළ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිදුවූ අනතුරු පිළිබඳ සැලකිලිමත්වීමේදී යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කිරීමේදී විශේෂ අවධානයක් යොමු කළ යුතු බවය ිපොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

WhatsApp Group

Skip to content