අද (23) අළුයම වවුනියාව පොලිස් වසමේ තෝනික්කල් ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් එක් කාන්තාවක් මියගොස් තවත් 09 දෙනෙකු තුවාල ලබා ඇත.

119 අංකයට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සහ ගිනි නිවන ඒකකය, ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව ගින්න මැඩපවත්වා තිබේ.

ගින්නෙන් මියගිය කාන්තාව වයස අවුරුදු 21 ක්වූ ඕමන්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ගින්න හටගන්නා අවස්ථාවේ නිවසේ උපන්දින සාදයක් පවත්වමින් සිට ඇති බවටත්, එම අවස්ථාවේදී මුහුණ ආවරණය කරගත් හඳුනානොගත් පිරිසක් පැමිණ මෙම නිවසට ගිනි තබා ඇති බවටත් CCTV දර්ශන ඔස්සේ සිදු කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

වවුනියාව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

WhatsApp Group

Skip to content