ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණ සිටින ජනතාව පැවසුවේ, ඇතැමුන් දින තුන හතරකට වැඩි කාලයක් පෝලීම්වල රැඳී සිටින බවයි.

එමෙන්ම විදෙස් ගමන් බලපත්‍ර සඳහා ටෝකන් ලබාගැනීමට ජනතාවට දින ගණනක් පෝලීම්වල සිටීමට සිදුව ඇති අතර, ලබාදෙන අංක තැරැව්කරුවන් විසින් ජාවාරම් කිරීමේ තත්ත්වයක් ද උදාවී ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content