වව්නියාව, මරක්කාරම්පලෙයි ප්‍රදේශයේ ගෘහභාණ්ඩ ගබඩාවක ඊයේ පස්වරුවේ ඇති වූ හදීසි ගිනිගැනීමකින් ගෘහභාණ්ඩ නිශ්පාදන සියල්ලක්ම විනාශ වී තිබෙනවා.
විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හට ගෙන ඇති බවට සැක පල කරන බවයි පොලීසිය සඳහන් කළේ.
වව්නියාව නගරසභා ගිනි නිවීමේ ඒකකය, යුදහමුදාව සහ ප්‍රදේශ වාසීන් එක්ව පැය 03 කට අධික කාලයකට පසුව ගින්න මැඩපැවත්වීමට පියවර ගනු ලැබුවා.
ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබානවා.

WhatsApp Group

Skip to content