පවතින අභියෝග ජය ගනිමින් වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීම අපේක්ෂාව බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය හා සමගාමිව කොළඹ වරාය පරිශ්‍රයේ ඉදිකරනු ලබන සමුද්‍රීය පහසුකම් මධ්‍යස්ථානය එහි පියස්ස දක්වා ඉදිකිරීම් අවසන් කිරීමෙන් අනතුරුව චීන සම්ප්‍රදානුකුලව පවත්වන සමරු උත්සවයට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර වෘත්තිය ප්‍රමිතියට අත්වැලක් වැඩසටහන පිළිබද දැනුවත් කිරීමේ වැඩසටනක් ඊයේ පැවැත්වුණා.

ඒ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති මෙම වැඩසටහනට මොරටුව විශ්ව විද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ පුද්ගලික අංශයේ ආයතන රැසක් ද එක්ව සිටියා.

මේ එහිදී අදහස් පලකළ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා.

https://www.vnews.lk/storage/2023/08/BANDULA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content