මෙරට රජයේ රෝහල්වලින් ප්රතිකාර ලබන පිළිකා රෝගීන්ට ප්රතිකාර කිරීම සඳහා භාවිත කරන අත්යවශ්ය පිළිකා ඖෂධ තොගයක් සෞඛ්ය අමාත්යාංශය වෙත භාරදීම ඊයේ (11) පෙරවරුවේ එම අමාත්යාංශයේදී සිදු විය.
සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා වෙත ඇමරිකා එක්සත් ජනපදයේ LDS Latter – day saints charities ආයතනයේ ආසියානු කලාපයේ සුබසාධන අධ්යක්ෂ – Mr. Mickey Lui මහතා විසින් එම ඖෂධ තොගය නිල වශයෙන් භාරදෙන ලද අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 225,000/= කට අධිකය.
මෙම වර්ෂයේ (2024) පෙබරවාරි මසදී සෞඛ්ය අමාත්යංශය සහ LDS Latter – day saints charities (USA) ආයතනය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමට අනූව මෙරටට ලැබුණු පළමු ඖෂධ තොගය මෙයවේ. එම අවබෝධතා ගිවිසුමට අනුව අත්යවශ්ය පිළිකා ඖෂධ වර්ග 13 ක් මෙරටට ලැබෙන අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියනයකට අධිකය. මෙරට වර්ෂයක පිළිකා ප්රතිකාර සඳහා එය ප්රමාණවත් වනු ඇත.

WhatsApp Group

Skip to content