මෙරට පළමුවරට වයස අවුරුදු 45 ට අඩු ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ 54 දෙනෙකු ඇගයිමට සහ සම්මානය පාත්‍ර කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ඊයේ (17) කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සංවිධානය කරන ලද්දේ Global CEO forum සංවිධානය විසිනි.

මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණ වුයේ මෙරට ව්‍යවසායකින් දිරිගැන්වීම මෙන්ම ජාතික ආර්ථීක සංවර්ධනයට වැඩි දායකත්වයක් ඔවුන්‌ගෙන් ලබාගැනීමයි. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස රට හැර යන තරුණ දක්ෂ ව්‍යවසායකින් රට තුළ රඳවා ගැනීමට ද හැකියාව ලැබේ.

WhatsApp Group

Skip to content