වයස අවුරුදු 12ත් 18ත් අතර සිටින සියලුම ගැහැණු දරුවන්ට සනීපාරක්ෂක තුවා ලබාදිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

රාජ්‍ය ඇමැතිවරිය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

රාජ්‍ය ඇමැතිනිය මෙහිදී සඳහන් කළේ මෙම කාර්යය සඳහා මුදල් වෙන්කරදීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සාකච්ඡා සිදුකරන බවයි.

එහිදී රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය යෝජනා කළේ මෙම වැඩපිළිවෙළ අධ්‍යාපන අමාත්‍යංශය හරහා සිදු විය යුතු බවටයි.

ග්‍රාමීය ප්‍රදේශවලට ප්‍රමුඛතාවක් ලබාදෙමින් ලබන වසරේ සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළා.

මෙම වැඩසටහන පාසල් දැරියන් ලක්ෂ 03කින් ආරම්භ කර ඉදිරියේ දී එම සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිකරමින් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content