අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල මේ වනවිට පැතිර යන වඳුරු උණ ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජාත්‍යන්තර සෞඛ්‍ය නීතිය යටතේ ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම මෙයවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
විදෙස් වාර්තා පවසන්නේ මෙම වසංගතය වැළඳීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 450 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
මේ වන විට එම වසංගතය මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවේ ප්‍රදේශ පුරා ව්‍යාප්ත වී පවතිනවා.
මෙහි නව ප්‍රභේදය කෙතරම් වේගයෙන් ව්‍යාප්ත වන්නේද යන්න සහ එහි ඉහළ මරණ අනුපාතය පිළිබඳව විද්‍යාඥයින් සැළකිලිමත්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම වඳුරු උණ සම්ප්‍රේෂණයවන්නේ ලිංගික සබඳතා , ස්පර්ශය හා වෙනත් පුද්ගලයෙකු සමග සමීප සබඳතා පැවැත්වීම මගින් බව සඳහන්.

මෙම වසංගතය සෑදෙන සෑම සිය දෙනෙකුගෙන්ම සිව් දෙනෙක් මරණයට පත්වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

WhatsApp Group

Skip to content