ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී නීති විරෝධී ලෙස ඇඳුම් ආයිත්තම් භාවිත කිරීමේ චෝදනාව මත කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට දඩ නියම කර තිබෙනවා.
LPL තරග කමිටුව තීරණය කර ඇත්තේ වනිඳු හසරංගට අමෙරිකානු ඩොලර් 3600ක දඩයක් නියම කිරීම කිරීමටයි.

එහිදී මෙම දඩ මුදල වනිඳු හසරංගට මෙවර තරගාවලියේදී ලැබෙන තරග ගාස්තුවෙන් අය කිරීමටයි නියෝග කොට ඇත්තේ.

මෙම තරගාවලියට සහභාගී වන සියලු ක්‍රීඩකයන්ට ඒ ඒ කණ්ඩායමට අයත් වර්ණවලින් සමන්විත වෙනම ඇඳුම්, උපකරණ ලබාදී තිබියදී වනිඳු හසරංග වෙනත් ලාංඡනයක් සහිත ‘හෙල්මට්’ එකක් පැලඳ ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණ තිබෙනවා.

එහිදී අයර්ලන්ත ජාතික විනිසුරු රොලී බ්ලැක් එය ගලවා දමන ලෙස ඔහුට දැනුම් දී ඇතත්, එම විනිසුරු තීරණයට අවනත නොවීම මෙම දඬුවමට හේතුවී ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content