ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග මෙවර IPL තරගාවලිය සඳහා සහභාගී නොවන බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වාදෙනවා .

එමෙන්ම එම ආරංචි මාර්ග උපුටාදක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ වනිඳු හසරංගගේ වම් වළලුකර ආශ්‍රිතව ඇති ආබාධ තත්ත්වය සඳහා ඔහුට විවේක ගැන්වීමට සිදුව ඇති බවයි .

මේ අනුව ප්‍රතිකාර සඳහා ඩුබායි වෙත ගොස් සිටියදී ඔහු මෙම අවස්ථාවේ විවේකගැන්වීම වඩාත් සුදුසු බවට විශේෂඥ උපදෙස් ලැබී ඇති බවද සදහන් .

WhatsApp Group

Skip to content