වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1,700 ක් ලබාදීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පඩිපාලක සභාව අද කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

මනූෂ නානායක්කාර මහතා දැරූ කම්කරු අමාත්‍ය ධුරය අහෝසි වීමෙන් අනතුරුව එම අමාත්‍යාංශයේ වගකීම් ජනාධිපතිවරයා යටතට පැවරුණු අතර, ඒ අනුව කම්කරු අමාත්‍යවරයා ලෙස අදාළ පියවර ගත් බවයි ජනාධිපතිවරයා පසුගියදා කියා සිටියේ.

වතු කම්කරු වැටුප සම්බන්ධයෙන් පඩිපාලක සභාව සමඟ එකඟතාවකට එළඹීමට උත්සහ කරන බවත්, එම තීරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය නම් විශේෂ නීති ගෙන ඒමට තමන් සූදානම් බවත්, ජනාධිපතිවරයා එදින ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content