වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵලදායීතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු කම්කරුවන්ට ලබා දීමට ඊයේ (10) රැස් වූ වතු සමාගම් 09ක් එකඟ වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා පෙන්වා දෙයි.
මෙම මාසයේ සිටම එම මුදල වැටුප් ලෙස වතු කම්කරුවන්ට ගෙවීමට අදාළ වතු සමාගම් අමාත්යවරයාට එකඟතාව පළ කර තිබේ.
කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා හා වතු සමාගම් අතර ඊයේ එම අමාත්යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹ ඇත.
වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහසේ සිට වැඩි කිරීමට පසුගියදා රජය තීරණය කළ අතර මේ වසරේ මැයි පළවැනිදා ඒ සම්බන්ධ ගැසට් නිවේදනය පළ කෙරිණි. එහෙත් එයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්රියාමාර්ගයකට එළැඹී තිබූ අතර අධිකරණය විසින්ද මේ සම්බන්ධව එකඟතාවයකට එළඹී කටයුතු කරන ලෙස දැනුම් දී තිබිණි.
ඒ අනුව දෙපාර්ශ්වය අතර අද දිනයේ ඇති වූ එකඟතාවය මෙරට වතු කම්කරුවන් ලැබූ විශාල ජයග්රහණයක් බව අමාත්යවරයා පෙන්වා දෙයි.

WhatsApp Group

Skip to content