2021 වසරේ සිට මේ දක්වා වතු කම්කරුවන් 50,000 කට අධික සංඛ්‍යාවක් රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය පවසනවා.

පසුගිය 2021 දී වතු කම්කරුවන් එක් ලක්ෂ තිස් තුන්දහසක් රැකියාවේ නිරත වූ නමුත් මේ වන විට එම පිරිස 86,000 දක්වා අඩුවී ඇති බවත්, ඔවුන් බොහෝ ප්‍රමාණයක් රැකියා සඳහා කොළඹට සංක්‍රමණය වී ඇති බවත් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිට්ටන් සෙල්වරාජ් මහතා සඳහන් කරනවා.

වර්තමානය වන විට තේ කර්මාන්තශාලා 198 ක් වසා දමා ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

දෛනික වැටුපක් ඉල්ලා තම සංගමය අඛණ්ඩව අරගල කරන බවද වර්තමාන ජීවන වියදම හමුවේ වතු කම්කරුවන්ට රුපියල් 2000 ක වැටුපක් අවශ්‍ය බව ද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content