ලබන මාසයේ 10 වැනිදා සිට වතු කම්කරුවන්ට දෛයිනික වැටුප ලෙස රුපියල් 1700ක මුදලක් ගෙවිය යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
රජය මතු වතු සාමාගම් වලින් එම මුදල ගෙවීමට කටයුතු කරන බවයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත් ඉදිරි මැතිවරණයේදී ඡන්ද ලබා ගැනීමේ අරමුණින් වතු කම්කරුවන් විකිණීමට සූදානම් වීම නතර කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content