මෙරට වතු ආශ්රිත පාසල් පිහිටා ඇති ඉඩම් වල අයිතිය එම පාසල්වලටම පවරාදීමේ වැඩපිළිවෙළ පිළිබඳ මලයියාග වැවිලි ප්රජාවේ විකාශය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා කෙරිණි. ඒ එම සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වේලු කුමාර් මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (10) රැස්වූ අවස්ථාවේදීය.
මෙම රැස්වීම සඳහා අධ්යාපන අමාත්යාංශය, පළාත් අධ්යාපන දෙපාර්තමේන්තු, වැවිලි කළමනාකරණ අධීක්ෂණ අංශය, ශ්රී ලංකා රාජ්ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ඇල්කඩුව වැවිළි සමාගම, ඉඩම් ප්රතිසංස්කරණ කොමිසම නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.
මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේ වතු ආශ්රිත පාසල් පිහිටා ඇති ඉඩම් එම පාසල්වලට පවරාදීමේ වැඩපිළිවෙල සංසදයේ මැදිහත්වීමෙන් මේ වනවිට සැලකියයුතු ප්රගතියක් ලබා ඇති බවයි. ලංකාවේ වතු ආශ්රිත පාසල් ප්රමාණය, එම පාසල් සඳහා අවශ්ය ඉඩම් ප්රමාණය සහ යම් විශේෂිත ඉඩම් අවශ්යතා ඇති පාසල් තිබේ නම් ඒවා සංඛ්යාව ආදි දත්ත අධ්යාපන අමාත්යාංශය සහ පළාත් අධ්යාපන දෙපාර්තමේන්තු එක්ව එළඹෙන සතිය වනවිට සම්පූර්ණ කිරීමට සහ එකී දත්තවල නිවැරදිතාවය තහවුරු කර ගැනීමට මෙහිදී එකඟතාවය හිමි විය.
අනතුරුව අදාළ ඉඩම් මැණීමේ කටයුතු ආරම්භ කළ හැකි බව සභාපතිවරයා සඳහන් කළේය.

WhatsApp Group

Skip to content