මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ 06 ශ්‍රේණියට දරුවන් ඇතුලත් කර ගැනීම සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ  ප්‍රධානත්වයෙන් එම විද්‍යාල පරිශ්‍රයේදී  (27)  සිදු වුුණා.

එහිදී පළමු සිසුවා ලියාපදිංචි කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් සිදුකළ අතර, මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, අධ්‍යාපනය මගින් හුදෙක් පොතෙන් පතින් ලැබෙන අධ්‍යාපනය නොව යහපත් පුරවැසියෙකු බිහි කිරීම සදහා අවශ්‍ය පසුබිම සකසා දීම සිදු විය යුතු බවත්, තරඟකාරී අධ්‍යාපනයෙන් බැහැරට ගොස් විධිමත් ගුණාත්මක අධ්‍යාපනයක් සදහා යොමු විය යුතු බවත්, නවීන ලෝකයට ගැලපෙන අධ්‍යාපනයක් සදහා වන කතිකාවතක් මේ වන විට නිර්මාණය වී ඇති බවත් ය. අමතර පන්ති නොයන දරුවෙකු සොයා ගැනීම  නොමළ ගෙයකින් අබ අහුරක් සොයනවා වැනි අපහසු දෙයක්  බවට පත් ව ඇති බවත්, පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති විශ්වාසය තහවුරු කිරීම සදහා මේ වන විටත් තමා පළාත් මට්ටමෙන් තම පන්තියේ දරුවන්ට මුදල් ලබා අමතර පන්ති සිදුකිරීම වළක්වාලීමට කටයුතු කර ඇති බවත් ‍‍මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියා.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ විදුහල්පති රංජිත් රාජපක්ෂ  යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වුුුනා. 

WhatsApp Group

Skip to content